FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වාව හා නාමල් කුමාරව අධිකරණයට කැඳවති..

 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ට සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට ලබන 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාර මහතා පසුගියදා අනාවරණය කළ අතර ,අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.