FAST NEWS

24×7 Around the Globe

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් ගිලා බසියි…

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ තිරිවානාකැටිය ප්‍රදේශයේ මාර්ගයේ එක් කොටසක් ගිලා බැසීමට ලක්වී ඇත.
මෙසේ ගිලා බැස ඇත්තේ ඇඹිලිපිටිය දෙසින් රත්නපුර දෙසට පැමිණෙන විට වම්පස මාර්ගයේ පාලම සහිත කොටසයි.
මෙම මාර්ගය බදුල්ල හා ඇඹිලිපිටිය දෙසට ගමන් කරන පොදු මාර්ගයක් ලෙස භාවිතා කරයි.
අනතුරු බහුලව සිදුවන ප්‍රදේශයක් වන අතර මෙසේ එක් පසක් අවහිරවීම නිසා වාහන හිමියන්ට බොහෝ වෙලාවක් මග රැඳීසිටීමට සිදුවීමෙන් මහජනතාවට අපහසුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇත.