FAST NEWS

24×7 Around the Globe

යාපනය පොලිසියේ 16 කට ස්ථාන මාරු..

පැමිණිල්ලක් පැමිණිළි පොතේ සටහන් කොට විභාග නොකිරීම හේතුවෙන් යාපනය පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කොට අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙකුට වහාම ක්‍රියාතමක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට යාපනය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 24දා උදෑසන යාපනය කරෙයිනගර් පදිංචි අන්බුදරාජා ඉලංකුමර් නැමති ව්‍යාපාරිකයෙකු විසින් සිය වෙළඳසැළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් දැමීමට පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නරතව සිටි පොලිස් සැරයන්වරයෙකු අදාළ පැමිණිල්ල විමසා සිටියද පැමිණිළි පොතේ සටහන් කර නොමැති විම මීට හේතුව වී තිබේ.
කෙසේ වෙතත් අදාළ ව්‍යාපාරිකයා විසින් එම සිදුවීම යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
පසුව කරුණු විමසා බලා සිදුවීම සත්‍යතාවය තහවුරු වීම හේතුවෙන් එම අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා තාවකාලිකව වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබේ.
එසේම යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ අංශයේ එදිනට රාජකාරි කටයුතු නිරත 16 දෙනෙකු යාපනය කන්කසන්තුරෙයි, පේදුරුතුඩුව ඇතළු පොලිස් ස්ථාන කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකිරීමටද කටයුතු කර තිබේ.