FAST NEWS

24×7 Around the Globe

දිවයිනට බලපා ඇති වැසි තත්වය තවදුරටත්..

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතින බව කාළගුණවිද්‍යා දොපාර්තුමේන්තුව අද (04) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
අද (04) දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම වයඹ, උතුරු-මැද, මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැකි බවද පැවසේ.
බස්නාහිර, දකුණු සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ,බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙන් කියැවේ.