FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කිරීම මේ සතියේදී..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කිරීම මේ සතියේදී සිදු කරන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීල් ඉද්දවල මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධානවලින් පත් කෙරෙන නියෝජිතයන් තිදෙනා වෙනුවෙන් නාම යෝජනා කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි එ මහතා පැවසීය.
වර්තමාන අගවිනිසුරු පියසාද් ඩෙප් මහතා ලබන 12 වැනිදා විශ්‍රාම යෑමට නියමිත බැවින් එම තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව එදිනට පෙර සක්‍රීයවීය යුතු බවද ඔහු පෙන්වා දෙයි.