FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට වාහන තදබදයක්..

විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට ඇතිවී තිබේ.
හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.
හෝමාගම පිටිපන ප්‍රදේශය ආශ්‍රිතව බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය සිදුකිරීමට නියමිත තාක්ෂණ නගර ව්‍යාපෘතියකට විරෝධය පළකරමින් මෙම සංවිධානය විසින් විරෝධතාවයේ නිරතවෙයි.