FAST NEWS

24×7 Around the Globe

පිදුරංගල සිද්ධියට අදාළ තිදෙනා යළි රිමාන්ඩ්..

පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගලේවෙල තරුණයින් තිදෙනා 10 වැනිදා තෙක් යළි රක්ෂිත බන්රධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය
මොවුන් තිදෙනාව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
පෞරාණික පුජනීය හා මහජන ගෞරවයට පාත්‍ර වු ස්ථානයක සිට අසභ්‍ය ඡයාරූපගෙන ෆෙස්බුක් සමාජාජාලා තුල මුදා හැරිමේ චෝදනා මත මෙම තිදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව දඹුල්ල පොලිසීය පවසයි