FAST NEWS

24×7 Around the Globe

වර්ෂාවත් සමග ජල විදුලි නිෂ්පාදනය ඉහළට…

දිවයිනේ ප්‍රදේශ බොහොමයකට පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල පොදුවේ ජල මට්ටම 75% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ අනුව ජල විදුලි නිෂ්පාදනය 25% සිට 35 % දක්වා වැඩිවී තිබෙන බවත් විදුලි බල මණ්ඩලය සදහන් කරයි.
පැවති වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම විශාල ලෙස පහළ වැටී තිබුණි.
උඩවලව ජලාශයේ ජල මට්ටම පසුගිය කාලයේ 20% දක්වා පහත වැටී තිබූ අතර මේ වන විට එහි ජල මට්ටම 46% දක්වා ඉහළ ගොස් ඇත.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම 85 % ක් දක්වාත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 76.6 % දක්වාත් ,වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 81.6 % ක් දක්වාත් ඉහළ ගොස් ඇත.