FAST NEWS

24×7 Around the Globe

අද (02) කැබිනට් රැස්විමේදි ජනපතිගෙන් ප්‍රකාශයක්..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරු 9.30 ට පැවැත්වීමට තිබූ කැබිනට් හමුව පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත බවත්, එ පිළිබඳව  (01) ඊයේ පස්වරුව වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලු කැබිනට් සාමාජිකයන්ට මේ බව දැනුම් දී ඇති බව පැවසේ.
මෙම කැබිනට් හමුවේදී රටේ පවතින වත්මන් අර්බුද සහ ඊට විසඳුම් ලබාගැනීම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද වාර්තා වේ.
රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ සාමූහික කැබිනට් වගකීම් පැහැරහරිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශයේදී අවධානය යොමු කිරිමට නියමීත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.