FAST NEWS

24×7 Around the Globe

වර්ෂාවත් සමග ඇතිවන සුළං හා අකුණු පිළිබද අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්..

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වර්ෂාවත් සමඟ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
ඊයේ (01) රාත්‍රී කාලයේදී පුත්තලම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇත.
විවෘත ස්ථානවල රැදී සිටීමෙන් සහ විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින ලෙසත් , අකුණු වලින් සිදුවල අනතුරු වළක්වා ගන්නා ලෙසත් එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.