FAST NEWS

24×7 Around the Globe

සෑම පාසලකටම දුර්ලභ පළතුරු ඇතුළත් උද්‍යානයක්…

දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පළතුරු ඇතුළත් උද්‍යානයක් බැගින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන අතර එහි පළමු ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මස තුළ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව සෑම පාසලකම , විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන පරිශ්‍රයන් ආශ්‍රිතව මෙම පළතුරු උද්‍යාන පිහිටුවීමට සැලසුම් කර ඇත.
ගුණාත්මක බවින් පිරුණු දේශීය පළතුරු පිළිබඳව පාසල් ළමයින් දැනුවත් කිරීම ද මෙහි අරමුණක් වේ.