FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන්ට දානවේල පිටතින් ලබා දිමට ඉල්ලයි…

සිරදඩුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දානවේල පිටතින් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ඇතුලූ සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (01) බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් භාර දී තිබේ.
ඥාණසාර හිමියන්ට වෛද්‍ය උපදෙස් මත නිසි ආහාර වට්ටෝරුවක් නියම කර ඇති බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව අදාළ ලිපිය මගින් දන්වා සිටි බව බොදුබල සේනා සංවිධානය පවසයි.
එසේම බන්ධනාගාරය තුළදී ඥාණසාර හිමියන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලු බවද වැඩි දුරටත් පැවසේ.