FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ කාර්යාලයට සීල්..

කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක ද සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා (28) සීල් තබා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි
අදාළ නිල කාමරයට සීල් තැබීමට පෙර එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාරයට ගෙන ඇති බවද පැවසේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණය කළ බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව මෙම සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බව පැවසේ.