FAST NEWS

24×7 Around the Globe

පහළ වායුගෝලයේ කැළඹිමෙන් තවදුරටත් වැසි..

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බවත් ,මෙම තත්ත්වය ඔක්තෝබර් මස 01 වැනි දින සිට 03 වැනි දින දක්වා වු ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (01) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද පැවසේ.
එසේම මධ්‍යම,ඌව, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
දකුණු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එව නිවේදනයෙහි සඳහන් වෙයි.