FAST NEWS

24×7 Around the Globe

ඉහළ දැමූ දුම්රිය ගාස්තු අද (01) සිට ක්‍රියාත්මකයි..

ඉහළ ගිය 15% ක් වන දුම්රිය ගාස්තු මිල අද (01) සිට ක්‍රියාත්මකවනු ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 10 සහ දෙවන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 20 මෙන්ම පළමු පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 40 දුම්රිය ගාස්තු වල වෙනසක් නොවන බවයි.
නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝමීටර 10 ක දුර ප්‍රමාණය කිලෝමීටර 07 දක්වා අඩුකර ඇත.
දුම්රිය ගාස්තු වැඩිවීමට සාපේක්ෂව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තුවලද මිල ඉහළ දමා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.