FAST NEWS

24×7 Around the Globe

මැ.කො ඉරිදා පුවත්පත් වීකිණිම තහනම් කරමීන් නියෝගයක් නිකුත් කරයි.(ලිපියේ පිටපත)

ඉරිදා දිනට අදාළ පුවත්පත් සහ අද සහ හෙට විකිණීම නවතා දැමීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ සිකුරාදා නිකුත් කර ඇති ඉරිදා පුවත්පත් ඊයේ දිනයේදීද අලෙවි කර ඇති බවයි.

පුවත්පත්වල දේශපාලනය පිළිබඳ කිසිවක් ප්‍රධාන සිරස්තලවල සඳහන් නොකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැඩබලන ලේකම්වරයා වෙත නිකුත් කළ ලිපියක අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස මහතා සඳහන් කළේ අදාළ දැනුම්වත් කිරීම් මාධ්‍ය ආයතන වෙත සිදුකර ඇති බවයි.

index