FAST NEWS

24×7 Around the Globe

කඩුවෙල – බියගම මාර්ගය තාවකාලිකව වැසෙයි..

කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා තාවකාලිකව ඉදිකළ බේලි පාලම අද (29) දිනයේ ගලවා ඉවත් කරන බැවින් පස්වරු 7.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා කඩුවෙල සිට බියගමට ප්‍රවේශවන මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇති.
අධිවේගී මාර්ගය හරහා කඩුවෙල සිට බියගමට ප්‍රවේශ විය හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.