FAST NEWS

24×7 Around the Globe

අදත් බොහෝ ප්‍රදේශ වලට තද වැසි හා සුළං…

අද (29) දිනයේදී දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම , ඌව, සබරගමුව, උතුරු මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.
මේ අතර, බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන පෙරවරු කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වාර්තා වෙයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.