FAST NEWS

24×7 Around the Globe

චීනයේ පිපිරීම් සිදුවූ ස්ථානයෙන් ජනතාව ඉවත් කරති.

විෂ සහිත රසායන ද්‍රව්‍ය පැතිරෙමින් තිබීම හේතුවෙන් චීනයේ ටියන්ජින් නගරයේ ප්‍රබල පිපිරීම් ඇතිවූ ස්ථානයේ සිට කිලෝ මීටර 3ක් දක්වා දුරට සිටින සියලුම පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට චීන බලධාරීන් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
පිපිරීම නිසා අධික විෂ සහිත රසායන ද්‍රව්‍යක් වන සෝඩියම් සයනයිඩ් වාතයට මුසු වී ඇති බවට චීන පොලිසිය විසින් තහවුරු කිරීමත් සමගයි එම ප්‍රදේශයේ සිටින පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

මේ වන විට පිපිරීමෙන් මිය ගිය ගණන අසූ පහ දක්වා ඉහළ ගොස් ඇති අතර සිය ගණනක් තුවාල කරුවන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

පිපිරීමෙන් අවතැන් වූවන් තාවකාලිකව පාසලක පිහිටවූ කඳවුරක සිටින අතර මුඛ ආවරණ සහ දෙපා වැසෙන සේ දිග ඇඳුම් වලින් සැරසෙන ලෙස ද ඔවුන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා පවසන්නේ.

පිපිරීම සිදුවූ ස්ථානයේ පවතින රසායන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට හමුදා විශේෂ කණ්ඩායම් මේ වන විට ක්‍රියා කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.