FAST NEWS

24×7 Around the Globe

කටුනායක සේවක පිරිසක් හදිසි වැඩ වර්ජනයක…

කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ පිරිසක් තම සේවා ස්ථාන වලින් බැහැර වී වැඩ වර්ජනයක් කිරීමට ඊයේ (28) පස්වරු 9.00 ට පමණ උත්සාහ දරා ඇත.
ඒ එහි සන්නිවේදන අංශයේ සේවිකාවක්ව ඇයගේ සැමියා විසින් සිදුකරන ලද කියන හොර බඩු ජාවාරමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රේගුවේ දත්ත සැකසුම් අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (28) සවස ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත රැගෙන ගොස් තිබේ .
ඇයගේ ආරක්ෂාව සඳහාත් ඇයගේ සොහොයුරෙක් ද රේගු පරිශ්‍රය වෙත කැදවා ගෙන ඒමට අවස්ථාව ලබා දුන් බවත් රේගුව උසස් නිලධාරීවරයෙකු සදහන් කරයි.
මෙසේ ඇය රැගෙන යෑමට පෙර ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් පී.එදිරිවීර සහ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු හෙට්ටිආරච්චි යන මහත්වරුන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් පස්වරු 10.30 පමණ වනවිට මෙම සේවිකාව ආපසු යවන බවට රේගුව ප්‍රකාශ කිරීමත් සමඟ ගුවන් තොටුපොළ සේවා කටයුතු සාමාන්‍ය තත්ත්යට පත්වී ඇති බව වාර්තා වෙයි.