FAST NEWS

24×7 Around the Globe

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමති රාජීතට සම්මානයක්..

ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනයට ගත් තීරණ අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සම්මානය පිරිනමා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සංවත්සරයට සමගාමීව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලාස්ථානයේදි පැවති බෝ නොවන රෝග වැළැක්වීම පිලිබද සමුළුවේදි අමාත්‍යවරයාට මෙම සම්මානය හිමී විය.
බෝ නොවන රෝග වළක්වා ගැනීම සදහා විවිධ රටවල් ගත් තීරණ ඇගයීමට ලක් කරමින් මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්මාන පිරිනමන ලදී.
එහිදී ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනය කිරිම සදහා දුම්කොල හා දුම්වැටි භාවිතය අවම කිරිම, පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය හදුන්වා දීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කරන ලද අතර එහිදි තීන්දු තීරණ ගැනීමේ පුරෝගාමියා වූ සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.ස්වාමිනාදන් මහත්මිය මෙම සම්මානය පිරිනැමීමට කටයුතු කළේය.