FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද මීටර් නීතිය ලබන මස සිට අනිවාර්යයි..

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මස දෙවන සතියේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සදහා සුදුසු මීටරයක් සවි කරගැනීම සදහා එම රියදුරන්ට දීර්ඝ කාලයක් ලබාදී තිබුණ ද එම කාලය තවදුරටත් දිර්ඝ කල නොහැකි බවත් ඒ අනුව ත්‍රී රෝද රථ මිටර් සවි කිරීම සිදු නොකරන රියදුරන්ට එරෙහිව ලබන මස සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද මහතා පෙන්වා දුන්නේය.
ත්‍රීරෝද රථ මීටර් සවි කිරීමට අමතරව මගී ගමනාන්තයේදී රිසිට් පතක් නිකුත් කිරීම ද නව නීතිය අනුව සිදුකළ යුතුය.