FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් වෙත කජු සැපයීම සංස්ථාවට..

ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් නැවතත් කජු මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම තීරණය කර ඇති බවත් මෙ වන විට එ සඳහා කජු සැපයීමේ කටයුතු ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු යොදා ඇතැයිද කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා මාධ්‍ය වෙත සදහන් කළේය.
ජාතික ගුවන් සේවයට 2016 වසර වනතුරු කජු සැපයීම කරනු ලැබුවේ ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් බවද ඩුබායි වලින් කජු මිලදී ගැනීමට සමාගම තීරණය කිරීමෙන් පසුව කජු ප්‍රශ්නය මතුවුණු බවද සභාපතිවරයා කියයි.
අනෙකුත් රටවල කජු මෙන් නොව ශ්‍රී ලංකාවේ කජු ප්‍රණීත රසයෙන් යුක්ත වන බවත් මෙරට ප්‍රධාන පෙළේ තරු පහේ හෝටල් සහ රාජ්‍ය ආයතන මිලදී ගන්නේ සංස්ථාවේ කජු බවත් දම්සිරි කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව සංස්ථාවේ මිල ගණන්වලට එකඟත්වය ලැබුණු පසුව ගුවන් සේවයට කජු සැපයීම අරඹන බව ද ඔහු කීය.