FAST NEWS

24×7 Around the Globe

විද්‍යා, තාක්ෂණ-නිපුණතා සංවර්ධන අමාත්‍යංශයට නව ලේකම්වරියක්..

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත්කර ඇත.
එතුමිය මීට පෙර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළාය.
ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අතින් ඇය සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය.