වර්ෂාව නොමැති කමින් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් වගා කටයුතු පවා සිදුකිරීමට නොහැකි තත්ත්වයක සිටි උතුරු ප්‍රදේශයේ ජනතාවට යම් අස්වැසිල්ලක් මේ දිනවල ලැබී ඇත.
ඒ, මේ දිනවල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමගයි.
පසුගිය මාස 06 කටත් වැඩි කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි වියළි කාලගුණය නිමා කරමින් වවුනියාව, මන්නාරම්, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කයන්ට වර්ෂාපතනය ලැබූ අතර ඇතැම් දිස්ත්‍රික්කයන්ට ධාරාණිපාත වර්ෂාවන් ද ඇදහැලී තිබේ.
බලපා තිබූ දැඩි නියඟය හේතුවෙන් සිඳී ගිය වැව් වෙත තවමත් ජලය රැස්වී නොමැති අතර වර්ෂාව නොකඩවා ඇදහැලුනහොත් වැව් වලට ජලය රැස්වෙනු ඇති බවට උතුරේ ගොවීන් සදහන් කරයි.










