මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත සිදුවන දුම්රිය ගාස්තු සංශෝධනය ලබන සඳුදා (01) සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය ගාස්තුව සංශෝධනය කරනු ලබන්නේ වසර දහයකට පසුව බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව මෙම සංශෝධනයෙන් පසුවද දුම්රිය ගාස්තුව තවදුරටත් බස් ගාස්තුවට වඩා අඩුවෙන් පවතින බව පවසයි.
පෙර පැවති අවම ගාස්තුව තුන්වැනි පන්තිය රු. 10/-, දෙවැනි පන්තිය රු. 20/- හා පළමු පන්තිය රු. 40/- තවදුරටත් නොවෙනස්ව පවතින අතර අවම ගාස්තුවට යා හැකි උපරිම දුර කලින් පැවති දුරට වඩා අඩුකර ඇත.
ඒ අනුව පෙර රු. 10/- ට ගමන් කළ හැකි අවම දුර කි. මී. 09 සිට කි. මී. 07 දක්වා අඩුකර ඇත.
මෙම ප්‍රවේශපත්‍ර ගාස්තුව සංශෝධනය වීමත් සමඟ වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව ද සංශෝධනය වන අතර වාර ප්‍රවේශ පත්‍ර සඳහා මෙතෙක් අය කළ ක්‍රමවේදයේ වෙනසක් සිදු නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව රජයේ සේවක වාර ප්‍රවේශ පත්රයකට අයකරනු ලබන ගාස්තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශ පත්‍ර වටිනාකම මෙන් නව ගුණයක් වන අතර පෞද්ගලික අංශයේ වාර ප්‍රවේශ පත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශ පත්‍ර වටිනාකම මෙන් විසි හතර ගුණයකි. එනම් දින දොළහක් සඳහා වන මුදලකි.
එමෙන්ම පාසල් සිසුන්ගෙන් සහ විශ්වවිද්‍යාල, පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අයකරනු ලබන ගාස්තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශ පත්‍ර වටිනාකම මෙන් හය ගුණයක ගාස්තුවක් වන බවත් දුම්රි දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.