FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී දිනේෂ්ගේ ඉල්ලීම කථානායක අගමැතිට යොමු කරයි..

රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්වයක් පිළිබඳ ශීර්ෂ 02 ක් යටතේ කරුණු දැක්වීමට හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කල ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාට යොමුකල බව කථානායක කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 16 අනුව පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීම පිළිබඳ ඉල්ලා සිටීමේ බලය පැවරී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාටය.
ඒ අනුව අදාල ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිස යොමුකල බව නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කරයි.