FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට..

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරීමට කුමන්ත්‍රණයක් සිදුකිරීම සම්බන්ධයෙන් කටහඬ සාම්පලයක් ලබාදීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය ලබාදුන්නාය.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් සිදුකළ හෙලිදරව්වේදී මෙම කුමන්තුණ හා ඒ හා සම්බන්ධ පුද්ගලයන් පිළිබදව තොරතුරු අනාවරණය විය.