FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික තරුණයාට ඇප…

ත්‍රස්තවාදී චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම සැකකාර තරුණයා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන අතරතුර එහි රැකියාවක ද නිරතවෙමින් සිට ඇත.
25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති මෙම තරුණයා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ඥාතියෙක්ද වන අතර ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු සතුව තිබියදී සොයාගත් බව ඔස්ට්‍රේලියානු පොලීසිය සදහන් කරයි.