FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය ගායක දමිත් අසංක ඔක්තොම්බර් 09 තෙක් රිමාන්ඩ්..

මානසික විකෘතියකින් හැසිරී යැයි සැකපිට කුඩාඔය ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංක යන අය ඔක්තෝබර් මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා අධිකරණය නියෝග කර තිබේ.
හෙතෙම ඇතිලිවැව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සිවුරක් ගෙන සිවුර ‍පොරවාගෙන විකෘති මනසකින් යුක්තව සිටින බවට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් හා ඔහුගේ ඥාතීන් කුඩා ඔය ‍පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව කුඩාඔය ‍පොලීසිය මගින් දමිත් අසංකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන හෙයින් ඔහු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙස ‍පොලීසිය මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා ඇති අතර ,ඒ අනුව සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කොට ඔක්තෝබර් 09 දින වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ‍පොලීසියට නියෝග කර ඇත.