ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා, බොරලැස්ගමුව නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අරුණ ප්‍රියශාන්ත ඇතුළු දෙදෙනෙකු ගොනු කළ අභියාචනයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරිමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (27) නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ සභාපති ධූරය සඳහා තේරීපත් විය හැක්කේ එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පුද්ගලයෙකුට පමණක් බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
එහෙත් වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ පුද්ගලයකු බැවින් ඔහුට පක්ෂ සභාපති ධූරයේ කටයුතු කළ නොහැකි බව ඔවුහු සිය පෙත්සම මගින් කියති.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ තමන් නඩුවක් පැවරූ අතර එම නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් කොළඹ දිසා අධිකරණයේ නියෝගය නීති විරෝධී යැයි තීන්දු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට ප්‍රකාශයක් නිකුත් කරන මෙන් ඉල්ලා පෙත්සම්කරුවන් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කර තිබුණා.
එහෙත් ඒ පිළිබඳ මූලික කරුණු හැදෑරීමක් සිදුකල බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන බැවින් එය නිෂ්ප්‍රභ කරන කළ තීන්දු කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.