FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයට තනතුරු සඳහා ඔන්ලයින් අයැදුම්පත් කැඳවිම හෙටින් (28) අවසන්..

සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවාගැනීමට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම හෙට (28) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අගොස්තු 31 වැනිදා සිට අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සදහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරුණ බවත් ,එදින සිට මේ දක්වා අභ්‍යාසලාභීන් 9500 කට ආසන්න පිරිසක් අයදුම්පත් යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk වෙබ් අඩවිය හරහා අදාල අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතියි.
අභ්‍යාසලාභීන් සදහා පුහුණු කාලසීමාවේදි දීමනාවක් ලබාදෙන බවත් පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔවුන් රාජ්‍ය සේවයට බදවාගැනීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.