FAST NEWS

24×7 Around the Globe

දුර ගමන් බස් සේවා ආසන වෙන් කර ගැනිමට වෙබි අඩවියක්..

පෞද්ගලික බස්රථ යොදා ගනිමින් කොළඹ සිට දුර ගමන් සේවා වල යන මගීන්ගේ පහසුවෙන් ආසන වෙන් කර ගැනිම සඳහා සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් www.ntcbooking.lk නමීන් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.
මේ අනුව අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් තමන්ට අවශ්‍ය ආසන වෙන් කරවා ගැනීමට ඊයේ (26) දින සිට හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම ඔන්ලයින් වෙබ් අඩවිය ආරම්භ කිරීම ඊයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.
මේ සඳහා මගියෙකුට තමන්ගේ ටිකට් පතේ ගාස්තුවට අමතරව රුපියල් 30ක් වැනි අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
මෙහි මුල් අදියර යටතේ කොළඹ සිට කතරගම – යාපනය – බදුල්ල – අම්පාර – දෙණියාය- පස්සර – ලුණුගල – අකුරැස්ස – තිරුකෝවිල් – මඩකලපුව – පේදුරුතුඩුව – මඩොල්සිම – අනුරාධපුර – ඩයගම- ත්‍රිකුණාමලය වැනි දුරස්ථ සේවා ඇතුලු සේවා 35 ක මාර්ගගත ආසන වෙන්කිරීමේ පහසුකම් ලබාදීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කර ඇත.
පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් රාජ්‍ය අංශය විසින් දියත් කරන සුරක්ෂිතභාවය සමඟ පොදු මහජනතාවට ලබාදෙන මෙම පහසුකම තුළින් තව තවත් මගී ජනතාව පොදු ප්‍රවාහන සේවාවට ආකර්ශණය කරගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ වී ඇත.
මෙහි අදියර යටතේ ඩිජිටල් කාඩ් පතක් මගින් වෙන් කරන ලද ආසන සඳහා මුදල් ගෙවීමේ පහසුකම් ලබාදීමටද කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමීෂන් සභාව අවධාරණය කරයි.