FAST NEWS

24×7 Around the Globe

2019 වර්ෂයේ රජයේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 228,100 ක්..

2019 වර්ෂයේ රජයේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 228,100 ‌ (රුපියල් බිලියන 2281 ක්‌) බව අන්තර්ජාලයට එක් කර ඇති එම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පතෙහි දැක්‌වේ.
අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට මාසයකට පෙර මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව මෙම කෙටුම්පත ඔක්තොම්බර් මාසයේ දෙවැනි සතියේදි මුදල් හා ජනමාධ්‍ය ආමත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නිමීතය.
එම කෙටුම්පතේ දැක්වෙන අකාරයට 2018 වර්ෂයට සාපෙක්ෂව 2019 වර්ෂයේ රජයේ වියදම රුපියල් කෝටි තිස්‌ දහස්‌ හාරසිය හැට අටකින් ඉහළ යන බව වසර දෙකට අදාළ විසර්ජන පනත් කෙටුම්පත් සැසඳීමේදී පැහැදිලි වෙයි.
2018 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ වියදම රුපියල් කෝටි 197,700 කි.
නව විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ වැඩි මුදලක්‌ වෙන්කර තිබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා වන අතර එය රුපියල් කෝටි 30611 වන අතර එය මෙම වසරට වඩා රුපියල් කෝටි 1540 ක වැඩිවීමකි.
මෙම වසරේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් කෝටි 29071 කි.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා ලබන වසරේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 29,515 ක් වන අතර එය මෙම වසරට වඩා රුපියල් කෝටි 10,953 ක වැඩිවීමකි.
පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා ලබන වසරට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 24,565 කි.
ලබන වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 1,347 ක්‌ වෙන්කර ඇති අතර මෙම වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් කෝටි 998 කි.
ඒ අනුව මෙම වසරට වඩා ලබන වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 349‌ වැඩිපුර වෙන්කර තිබේ.
ලබන වසරේ අගමැතිවරයා වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 166 ක් වන අතර මෙම වසරේ අගමැතිවරයා වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් කෝටි 176 කි.
ඒ අනුව මෙම වසරේ අගමැතිවරයාගේ වියදම රුපියල් කෝටි 11 කින් පමණ අඩු වී ඇත.
අධ්‍යාපනය සඳහා ලබන වසරේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 10,500 ක් වන අතර එය මෙම වසරේ රුපියල් කෝටි 10,288 කි.
උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍යාංශය සඳහා ලබන වසරට රුපියල් කෝටි 8,350 ක්‌ වෙන්කර ඇත.
මෙම වසරේ උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 18,275 ක්‌ වෙන්කර තිබේ.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා ලබන වසරට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 18,548 ක් වන අතර මෙම වසරේ එම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 17,839 ක්‌ වෙන්කර ඇත.
මෙම වසරට වඩා ලබන වසරේ වැඩිවීම රුපියල් කෝටි 709 කි.
2019 විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ කිහිපයකට වෙන්කර ඇති මුදල් ප්‍රමාණය මෙසේ ය.
පාර්ලිමේන්තුවට – රුපියල් කෝටි 358
මැතිවරණ කොමිසම – රුපියල් කෝටි 634
විගණකාධිපති – රුපියල් කෝටි 207.
සීමා නිර්ණය කොමිසම සඳහා රුපියල් එක්‌ කෝටි පනස්‌ අට ලක්‍ෂයකි.
මේ අතර තවත් වියදම්ද එහි සඳහන්ව තිබේ.
මේ අනුව අපේක්ෂිත වියදම වන රුපියල් කෝටි 228,100‌ වන මුදල පියවාගන්නා ආකාරය නොවැම්බර් 05 වැනිදා අයවැය කතාව ඔස්‌සේ මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දිමට නියමීතය.