FAST NEWS

24×7 Around the Globe

පින්නවලට ගිය විශේෂ සංචාරක දුම්රිය අත්හිටුවයි…

ගල්කිස්සේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ හිටාචි විශේෂ සංචාරක දුම්රියට මගීන් කිසිවකු නොපැමිණීම හේතුවෙන් ඊයේ (26) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරීම අත්හිටුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඇම්.ජේ. ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙම විශේෂ දුම්රිය ආරම්භ කරන ලද්දේ පින්නවල අලි අනාථාගාරය නැරැඹීමට යන දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් සංචාරක අමාත්‍ය බලධාරීන් විසින් කළ ඉල්ලීමක් අනුවයි.
පෙරේදා (25) ආරම්භ කරන ලද මෙම ධාවනය පෙරවරු 6.30ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා පෙරවරු 10.11ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වෙයි.
ගල්කිස්ස සිට රඹුක්කන දක්වා ගොස් ආපසු ඒමට රුපියල් 6,000 ක ගාස්තුවක් අය කිරීම දේශීය සංචාරකයන්ට දරාගත නොහැකි බවත් එහෙත් විදේශ සංචාරකයන්ට එය එතරම් ප්‍රශ්නයක් නොවූවද ඔවුන් ද කිසිවකු නොපැමිණි බවද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේය.