FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිලට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි..

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස භාවිත කළ බවට චෝදනා කරමීන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව නැවත විභාගයට ගැනීම දෙසැම්බර් මස 13 වනදා සිදු කෙරන බවට කොළඹ මහාධිකරණය අද (26) දින නියම කළේය.
ඒ අනුව එදින සාක්ෂිකරුවන්ට අධිකරණය පෙනී සිටින දන්වා සිතාසි නිකුත් කිරීමටද නියම විය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව මුලින්ම විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ එය තවදුරටත් විභාග කිරීමට අවසර දෙන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒඅනුව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා සඳහන් කර සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන අතර එය නැවත ලබන දෙසැම්බර් මස 13 වනදා කැඳවන බවය.