FAST NEWS

24×7 Around the Globe

කෝටි පහමාරක වන්දියක් ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට අවසර…

2013 වසරේ දී එල්ල වූ ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අනුරාධපුර දිසා අධිකරණය (26) තීරණය කර ඇත.
ලබන වසරේ පෙබරවාරි මස 18 මෙම නඩුව විභාගයට ගැනීමට දිසා විනිසුරු චමරි දනන්සූරිය නියෝග කළාය.
මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ ඇසක් අන්ධ වූ අතර, ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතල තුවාල සිදුවී ඇත.