FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයින් පත් කිරීම ඉදිරි සතියේදි..

ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයින් පත් කිරීම ඉදිරි සතිය තුළ ,අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතිය යටතේ සිදු කෙරෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
තිලක් මාරපන,විජිත හේරත්, ඩබ්ලිව් ඩී.ජේ සෙනෙවිරත්න යන මහත්වරුන් සහ සිවිල් නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුගේ නිළ කාලය පසුගියදා අවසන් විය.
විපක්ෂ නායකවරයා සහ කථානායකවරයා එහි නිළ සාමාජිකයින් වන බවත් ,නව සාමාජිකයින් පත් කිරීමේදී මීන් පෙර පත් වූ සාමාජිකයින්ට නැවත පත්වීමේ අවස්ථාව හිමි නොවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.