FAST NEWS

24×7 Around the Globe

පිදුරංගල ඡයාරූප සිද්ධිය පිළිබඳ විමර්ශනයක්..

සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය. පැවසීය.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
එසේම සීගිරිය පොලිසිය වෙත මේ පිළිබඳව අද(25) පැමිණිල්ලක්ද ලැබී ඇත බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.