FAST NEWS

24×7 Around the Globe

නව ස්ථාන මාරුවීම් සදහා වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප් අත්හිටුවයි..

ස්ථාන මාරුවීම් ලබාදී තිබියදීත් නව සේවා ස්ථානයන්හි සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.
අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට මේ සම්බන්ධව දැනුම් දී ඇති අතර එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පවසා ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර ඇත්තේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව අමතමින්ය.
තවද එම රෝහල් සඳහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන නතර කිරීමටත් රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේ දී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීමේ දී මේ පිළිබඳව අවධානය යොමු කිරීමටත් තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.