FAST NEWS

24×7 Around the Globe

මහානාමට හා පියදාසට ඇප..

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝලග කළේය.
කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ විකිණීමේ ක්‍රියාදාමය ඉටු කර දීම සඳහා රුපියල් කෝටි 02 ක අල්ලසක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනිමේදි මොවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබුණී.
මෙහිදි එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරිමට නියෝග කෙරුණී.
ඇපකරුවන් අතරින් එක් අයෙකු සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත් වරයා සිය නියෝගයේ සඳහන් කළේය.
අනතුරුව නඩුව දෙසැම්බර් මස 11 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.