FAST NEWS

24×7 Around the Globe

සුසිල් – අනුර යාපා පක්ෂ තනතුරුවලින් ඉවත් කරති – නව පත් කිරීම් කරති.

මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාලත් ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු දුමින්ද දිසානායකත් ඔවුන්ගේ කටයුතු හිටපු ලේකම්වරුන්ගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (14) කොළඹ දිසා අධිකරණයේ අතුරු වාරණයක් ලබාගත්හ.

ශ්‍රීලනිප සභාපති ලෙස ලැබී ඇති බලතල අනුව ජනපති සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා ඉවත් කැර ඒ වෙනුවට වර්ණපාල හා දිසානායක පත්කළ තිබිණැයි අධිකරණයේදී කියැවිණි.

සන්ධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාගෙන් තම රාජකාරි කරගෙන යාමට ඇතිවිය හැකි අවහිර වළක්වන ලෙස ඒ දෙදෙනා අතුරු තහනමක් පැතූහ.

කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම යොදා ඇත.