FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ප්‍රදේශයේ මාර්ගයක ගසක් කඩාවැටීමෙන් වාහන තදබදයක්..

ඊයේ (24) රාත්‍රියේ කොළඹ ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය අවහිර වී ඇත.
මේ හේතුවෙන් අද (25) පෙරවරුවේ බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි වාහන තදබදයක්ද හටගත් බව පොලිසිය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ වර්ෂාවත් සමඟ රාජගිරිය සහ වැලිකඩ ප්‍රදේශයේ මාර්ග කිහිපයක කාණු පද්ධතිය අවහිරවීම නිසා මාර්ගය ජලයෙන් යටවී තිබූ බවයි.