FAST NEWS

24×7 Around the Globe

තංගල්ල වාඩිගල පුද්ගලයෙක්ට වෙඩි තබයි..

තංගල්ල කතරගම පාර වාඩිගල ප්‍රදේශයේදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
මුහුණ ආවරණ හිස්වැසුම් පැළද යතුරුපැදියකින් පැමිණී පුද්ගලයන් දෙදෙනෙකු අද දහවල් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ වාහන සේවා ස්ථානයක හිමිකරුවවෙක් වන බවත් ඝාතනය සිදුකල සැකකරුවන් පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැත
අතර තංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන බම එ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.