FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයකට අද (23) වැසි හා සුළං…

අද (23) උතුර, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 20-30 පමණ වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි .