FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වාගේ හඩපට රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරයි..

ත්‍රස්ත විමර්ශණ ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් සිදුකල බව කියන ආන්දෝලනාත්මක දුරකථන සංවාදයට අදාල හඩපට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
ඒ අනුව අදාල සිද්ධිය පිළිබද තවදුරටත් පුළුල් විමර්ශණ සිදුකිරීමට නියමිතව ඇත.
දූෂණ විරොධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් සිදුකල ආන්දෝලනාත්මක හෙලිදරව්වක් පිළිබද පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම පරීක්ෂණ සිදුවනු ඇත.