FAST NEWS

24×7 Around the Globe

ඔක්තෝබර් මස 27 සිට හොංකොං යාම ශ්‍රී ලන්කන් අත්හිටුවයි..

ලබන ඔක්තෝබර් මස 27 දා සිට ක්‍රියාත්මක වන පරිදි හොංකොං වෙත සිදුකළ ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රි ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත.
ඒ වෙනුවට සිංගප්පූරුව හා මෙල්බර්න් වෙත සිදුකරන ගුවන් ගමන් වැඩි කිරීමටද සමාගම කටයුතු කර තිබෙන අතර වාණිජ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන එම සමාගම මෙම තීරණය ගෙන තිබේ.
සිංගප්පූරුවට සතියකට කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 17 සිට 21 දක්වා වැඩි කරන බවත් වාර්තා වෙයි.
දිනපතා සිදුවන මෙල්බරන් ගුවන් ගමන් සඳහ ඒ 330 – 300 ගුවන් යානාද යෙදවීමට සමාගම කටයුතු කර තිබේ.