FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ විභාගයට ප්‍රථම..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රථම වරට මේ වසරේ සිට විභාගයට පෙර පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ – 2018 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස තෙවැනි සතියේ ආරම්භ කරන බවද හෙතෙම කියයි.
ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේ දී තැපැල් කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින හා වේලාවන් විභාග දෙපාර්තමේන්තුවේ www.donenets.lk යන වෙබ් අඩවියේ පළකරන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.