ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) පත්වීම් ලබාගනු ලැබීය.
කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස සහ පන්නල ප්‍රාදේශීය කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර ඇත.
මැදකොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ෆයිසර් මුස්තාෆා ද, කඩුවෙල සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ සහ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස පත්කර ඇත.
මේ අතර ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ භාර සම සභාපති ලෙස ප්‍රියංගනී අබේවීර ද, මතුගම – දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය භාර සම සංවිධායක ලෙස සුරංග ප්‍රශාන් හිදැල්ලආරච්චි පත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙස පියසේන ගමගේ පත් කර ඇති අතර, කරන්දෙනිය ආසනයේ සංවිධායක ලෙස ප්‍රසන්න ජයවීර, බෙන්තර – ඇල්පිටිය ආසනයේ නව සංවිධායක ලෙස අමිල හර්ෂණ කාරියවසම්, හබරාදූව සංවිධායක ලෙස තිසර ගුණසිංහ පත් කර ඇත.
නිදහස් පක්ෂ මහලේකම්වරයා සදහන් කළ ආකාරයට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙස අතුල රාහුබද්ධ පත්කර ඇත.
එමෙන්ම සුසන්ත ලාල් ජයවීර කරන්දෙනිය ආසනයේ සංවිධායකවරයා ලෙස සහ ප්‍රාදේශීය කමිටු සම සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
යාපහුව ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස වෛද්‍ය කීර්ති ෆොන්සේකා පත් කරනු ලැබීය.