FAST NEWS

24×7 Around the Globe

ලබන 23 වැනිදා සිට දිවයින පුරා වැසි..

පවතින වියළි කාලගුණය නිමා කරමින් එළැඹෙන 23 දා සිට දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
ඒ අනුව විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්මක පවතින බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම මධ්‍යම, සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.